/
/
title icon ස්ත්‍රීවාදී විචාරය
ස්ත්‍රීවාදී විචාරය
Thamalee Pathiraja
1 week ago
Share:
ස්ත්‍රීවාදී විචාරය

ස්ත්‍රී අයිතිවාසිකම්  පිළිබඳව අවධානය  සමානාත්මක පදනම මත සිට විචාරය කිරීම ස්ත්‍රීවාදී විචාරය තුළදී මූලික පදනම් වශයෙන් සිදුවෙයි. ස්ත්‍රීවාදී දෘෂ්ටිකෝණය මගින් මාධ්‍ය තුළ කාන්තාවන් අවප්‍රමාණය කරන ආකාරය නිරීක්ෂණය කරයි. එලෙස ජනමාධ්‍ය තුළ කාන්තාවන් අවප්‍රමාණය කිරීමට බලපාන්නාවූ බලය පිළිබඳව අවධානය යොමු කරනු ලබයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ  උනන්දුව ද මාධ්‍ය මගින් කාන්තාවන්ට එරෙහිව සිදුවෙන වෙනස්කම් ගැන විශේෂ අවධානයක් යොමු කරයි .මාධ්‍ය තුළ ගැහැණිය ඒකාකෘති ලෙස නිරූපණය කරන බව නිරීක්ෂණය කරන මෙම විචාර සිද්ධාන්ත මගින් ස්වභාවික ස්ත්‍රිය මාධ්‍ය තුළ දක්නට නොලැබෙන බව විශ්වාස කරයි .

මව්වරුන්, භාර්යාවන්, දියණියන්, පෙම්වතියන්, ලිංගික භාණ්ඩ ලෙස නිරූපණය කරන අයුරු විශ්ලේෂණය වනවා මෙන්ම විශේෂයෙන් මාධ්‍ය තුළ ආධිපත්‍යය පිරිමින්  මත පවත්නා බවද මින් හඳුනා ගත හැකිය.පුරුෂෝත්තම වාදයට එරෙහිව මතවාදී අරගලයක් වර්ධනය වනවාත් සමඟම එම දෘෂ්ටිකෝණයෙන් කලා නිර්මාණ හා මාධ්‍ය සංදේශ විශ්ලේෂණය කිරීම ආරම්භ විය. ස්ත්‍රීවාදී දෘෂ්ටිකෝණ තුළින් මූලික පුරුෂ චින්තනය විසින් කාන්තාවන් අවප්‍රමාණය කරන ආකාරය, සූරා කෑම හා පීඩනයට පත් කරන ආකාරය නිරීක්ෂණය කරයි.සංදේශවල භූමිකා සැලසුම් කිරීමේදී සහ චරිත නිරූපණයේදී ස්ත්‍රිය පිළිබඳ පහළ  අයෙක් ලෙස සලකා කටයුතු කිරීම නිසා ඔවුන් ලිංගික භාණ්ඩ ලෙසද, දුර්වල සත්ව කොට්ඨාසයක් ලෙසද, ගැඹුරු අර්ථවත් සමාජ දායකත්වයක් දිය නොහැකි පිරිසක් ලෙසද, නිරූපණය වීම ස්ත්‍රීවාදී විචාරයේදී විවේචනයට ලක් විය.ස්ත්‍රිය හා ස්ත්‍රීත්වය පිළිබඳ වටිනාකම් බෙදා හැරීම සඳහා මාධ්‍යදායක විය යුතුය. ස්ත්‍රිය හා පුරුෂයා කායිකවත්, ලිංගිකවත් වෙනස්කම් සහිතව නිර්මාණය වුවද කාන්තාවන්ට සාමාන්‍ය සමාජ ජීවිතය භුක්ති විඳීමට ඉඩ දිය යුතු බව ස්ත්‍රීවාදී චින්තනය යෝජනා කරයි. ස්ත්‍රියගේ වටිනා බොහෝ අවස්ථා මාධ්‍ය වලින් නොසලකා හැරීම විවේචනයට ලක් කළ යුතුය.

නිදසුන් ලෙස මුල් කාලයේ රූපවාහිනී සංවාදාත්මක වැඩසටහන් සඳහා පුරුෂයන් පමණක් බඳවා ගත්තද ,ඒ සඳහා ස්ත්‍රීන් ද යොදවා ගත යුතු බව ස්ත්‍රීවාදී විචාරයට ලක් වීම ගත හැකිය.

නිර්මාණාත්මක සංදේශවල චරිත නිරූපණය කරන ආකාරය විචාරයට ලක් කළ විට, කරුණාසේන ජයලත් මහතාගේ "ගැහැණු ළමයි" නවකතාව සම්මාන දිනා ගනිමින් ස්ත්‍රීවාදී විචාරකයන් විවේචනය කරයි .වසන්ත ඔබේසේකරයන්ගේ "දඩයම " නම් චිත්‍රපටය ස්ත්‍රිය විසින් පුරුෂයා රැවටීමට ලක්කර දුෂ්ට ලෙස අත්හැර දමා යාම හා ඔහු ඊට මුහුණ දුන් ආකාරය ස්ත්‍රී සමාජය බලගැන්වීමට හේතු වන බව මෙම විචාරයෙහි අදහසයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉදිරිපත් කිරීම්වලදී කාන්තාව ප්‍රේක්ෂක ආකර්ෂණය හා මාධ්‍ය අලංකරණය සඳහා යොදා ගන්නා වස්තුවක් මිස, හැකියාවන්, නිර්මාණශීලී ශක්තින්, සැලකිල්ලට ගැනීම සිදුකරනුයේ අවම වශයෙන් ය.මේ අනුව මාධ්‍ය හරහා   ස්ත්‍රීවාදී විචාරයට නව අර්ථකථනයක්   එක් කිරීමේ හැකියාව ඔවුන් සතුවේ.

තමාලී පතිරාජ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required