ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබා දී ඇති හිමිකම් කප්පාදු කිරීමට වත්මන් රජය උත්සහ දරන බවට පැතිර යන මාධ්‍ය වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසනවා.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සිදු කළ පළමු නිල සංචාරයේදී ඒ මහතා මේ බව කියා සිටියා.
මෙම සංචාරය අතරතුර ආරක්‍ෂක ලේකම්වරයා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ගුවන් හමුදා මූලස්ථානයේ අංශ කිහිපයක් නිරීක්‍ෂණ කිරීමට ද එක්වුණා.