
ත්‍රීරෝද රථ සඳහා අය කරන ගාස්තුව අද දිනයේ සිට රුපියල් 5කින් අඩු කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබෙනවා.
එහි ත්‍රිරෝද රථ කාර්යාංශයේ ප්‍රධානී ජීවින්ද කීර්තිරත්න මහතා කියා සිටියේ ඒ අනුව අද සිට දෙවන කිලෝමීටරය සඳහා රුපියල් 5 කින් ගාස්තු අඩු කෙරෙන බවයි.
ඒ සමග පළමු කිලෝමීටරය රුපියල් 100ක් සහ දෙවෙනි කිලෝමීටරය රුපියල් 85 බවට පත්වනු ඇති.