ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා නව පාර්ලිමෙන්තුවට තරග නොකරන බවත්, ආණ්ඩුවේ කිසිඳු තනතුරක් භාර නොගන්නා බවත් පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ රූපවාහිනී නාලිකාවක විකාශය වූ දේශපාලන වැඩසටහනකට සහභාගි වෙමින්.
තමා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා වන බැවින්, ආණ්ඩුවේ තනතුරු දැරීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවයි ඔහු සඳහන් කරන්නේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ, හරිනී අමරසූරිය අගමැතිවරිය උගත්කමින් පරිපූර්ණව තම වගකීම් ඉටු කරමින් සිටින ආකාරය තමා අගය කරන බවයි.