/
/
title icon ආරුක්කු නවයේ සංචාරක පෙරලිය
ආරුක්කු නවයේ සංචාරක පෙරලිය
Manjula Disanayaka
1 week ago
Share:
ආරුක්කු නවයේ සංචාරක පෙරලිය

ලෝකයේ සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇති රටවල් අතරින් ඉහළින්ම ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දිය හැකිය. 2024 ඔක්තෝබර් වන විට ලංකාවට  පැමිණි සංචාරක ප්‍රමාණය මිලියන 1.5 කට  අධික ප්‍රමාණයක් වාර්තා කර ඇත.2024 වර්ෂය අවසන් වන විටත් සංචාරකයන් මිලියන.2.3 ක ඉලක්කයක් කරා ලඟා වීමට ශ්‍රී ලංකාව කටයුතු කරයි.

බදුල්ල දුම්රිය මාර්ගය විශේෂයෙන්ම ඇල්ල සහ දෙමෝදර අතර දර්ශනීය මාර්ගය,ආරුක්කු නවය පාලම,ආශ්‍රිතව දමිළ චිත්‍රපටයක් රූගත කිරීම සඳහා 2024 ඔක්තෝබර් 9 සිට 15 දක්වා වසා තැබීමට පියවර ගෙන තිබුණි.ප්‍රවාහන අමාත්‍යංශයෙන් මෙම තීරණය ගෙන ඇති අතර 9 දින සිට පෙරවරු 7.30 සිට පස්වරු 5.30 දක්වා මෙම ස්ථාන අතරින් ගමන් ගන්නා දුම්රිය සේවාව තාවකාලිකව නැවැත්වීමට පියවර ගෙන ඇත.

බොහෝ පිරිස් මෙම දුම්රිය සේවාව තාවකාලීනව නැවැත්වීම පිළිබඳව මැසිවිලි නැගුවද ඉන්දියාව වැනි ඉහළ පෙලේ සිනමා කර්මාන්තයක් හිමි රටක ඔවුන්ගේ සිනමා නිර්මාණයක් රූගත කිරීම සඳහා ලංකාව තෝරා ගැනීම ධනාත්මක බලපෑමක් එල්ල  කිරීමට අවස්ථාව ඇත.එහි සුවිශේෂී දුම්රිය අත්දැකීම හා භූ දර්ශනය ජාත්‍යන්තර චිත්‍රපටයක ප්‍රදර්ශනය කිරීමෙන් ශ්‍රී ලංකාවෙහි දර්ශනීය සුන්දරත්වය ප්‍රචාරණය කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ද හේතුවක් විය හැකිය.

කොළඹ බදුලු දුම්රිය ගමන ලොව සුන්දරම දුම්රිය ගමනක් බව  ලංකාවට පැමිණෙන බොහෝ සංචාරකයන් ප්‍රකාශ කරයි.තේ වතු, කඳු පන්ති හා දියඇලි වල දසුන් සංචාරකයන් ආකර්ෂණය කර ගනී.විශේෂයෙන්ම දමිළ භාෂා නිෂ්පාදනයක ශ්‍රී ලංකාවේ සුන්දරත්වය රූගත කිරීම ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා අවස්ථාව උදාවේ. එසේම ඇල්ල, දෙමෝදර වැනි ප්‍රදේශවල දේශීය ව්‍යාපාර සඳහා යම් යහපත් කාලයක් උදා වීමට හැකියාව ඇති බව අනුමාන කළ හැකිය. දෙමළ භාෂා චිත්‍රපට සඳහා ඉතා විශාල ප්‍රේක්ෂක පිරිසක් සිටින අතර ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්ය අවස්ථාව උදාවේ.මෙය විශේෂයෙන් ඇල්ල දෙමව්දර බදුල්ල ඇතුළු මධ්‍යම කඳුකරයේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් ඇති කළ හැකිය.දිගුකාලීනව චිත්‍රපටයේ සාර්ථකත්වය සහ ජාත්‍යන්තර නිරාවරණයන් තුළින් ලැබිය හැකි ආර්ථික සහ ප්‍රවර්ධන ප්‍රතිලාභ බොහෝ දෙනෙකු මැසිවිලි නගන දුම්රිය සේවයට ඇතිවන බාධාව ඉක්මවා යා හැකිය.

මංජුලා දිසානායක.
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required