2024 මහ මැතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම අද මධ්‍යහන 12න් අවසන් වීමට නියමිතව තිබෙනවා.
ඊට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා පස්වරු 1:30 දක්වා කාලය ලබා දී ඇති බව වාර්තා වන්නේ.
මෙවර මැතිවරණයට දේශපාලන පක්ෂ 147ක් සහ ස්වාධීන කණ්ඩායම් 94ක් ඊයේ දිනය වනවිට නාමයෝජනා භාර දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
එමෙන් ම මෙවර මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 349ක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
මැතිවරණ වියදම් නියාමන පනතට අනුව මහ මැතිවරණයට අදාළව එක් එක් අපේක්ෂකයින් විසින් වියදම් කළ යුතු මුදල් ප්‍රමාණය පිළිබඳව ඉදිරියේ දී දැනුම්වත් කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළා.