මෙවර මහ මැතිවරණයට රත්නපුර දිස්ත්රික්කයෙන් ඉදිරිපත් වන බව පැවසූ ජනප්රිය රංගන ශිල්පිණී දමිතා අබේරත්නට සමගි ජන බලවේගය නාමයෝජනා ලබාදී නැහැ.
ඒ, අද ඔවුන් රත්නපුර දිස්ත්රික්කය වෙනුවෙන් භාරදුන් නාමයෝජනා පත්රයේ ඇයගේ නම සඳහන්ව නොතිබීම හේතුවෙන්.
සමගි ජන බලවේගයේ රත්නපුරයට භාරදුන් නාමයෝජනා පත්රයේ කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ මහතාගේ නම පළමුවෙන් සඳහන්ව ඇති අතර, එහි දමිතා අබේරත්නගේ නම ඇතුළත් කර නැහැ.
අද දිනයේදී ඇය දිස්ත්රික් ලේකම් කාර්යාලයට පැමිණියත්, පසුව ඉන් ඇය පිටව ගොස් තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අනුව ඇයගේ මහ මැතිවරණය සිහිනය බොඳව ගොස් තිබෙනවා.