/
/
title icon දිස්ත්‍රික්ක 9කට නාය යෑම් අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක 9කට නාය යෑම් අනතුරු ඇඟවීම්
Presila Sandaruwani
1 month ago
Share:
දිස්ත්‍රික්ක 9කට නාය යෑම් අනතුරු ඇඟවීම්

දිවයින ආශ්‍රිත වායුගොලයේ වර්ධනය වන කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව ඊයේ පෙරවරු 8.30 සිට අද අළුයම 2.30 දක්වා කාලය තුළ වැඩි ම වර්ෂාපතනය කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර 196.5ක්.

ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයට මිලිමීටර් 173.5ක වර්ෂාපතනයක් ද, කළුතර වොගන් වතුයාය ප්‍රදේශයට මීලිමීටර් 163.5ක වර්ෂාපතනයක් ද ලැබී තිබෙනවා.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 9ක් සඳහා නායයැමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර තිබෙනවා.

ගාල්ල, කළුතර, කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා අදියර 2 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර ඇති අතර බදුල්ල, කොළඹ, ගම්පහ, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා අදියර 01 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required