/
/
title icon විශ්‍රාමිකයන්ගේ දීමනා නොවැම්බර් මස සිට
විශ්‍රාමිකයන්ගේ දීමනා නොවැම්බර් මස සිට
Presila Sandaruwani
1 month ago
Share:
විශ්‍රාමිකයන්ගේ දීමනා නොවැම්බර් මස සිට

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ති‍බෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ දී ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේ දී මෙම උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

රුපියල් 3000ක අන්තර්කාලීන දීමනාව ඔක්තෝම්බර් මාසයේ විශ්‍රාම වැටුපට එකතු නොවීම සම්බන්ධව සොයා බැලූ ජනාධිපතිවරයා ඉදිරි සතිය ඇතුළත එම මුදල විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට බැර කරන ලෙස තවදුරටත් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් මාසයේ විශ්‍රාම වැටුප දැනටමත් විශ්‍රාමිකයන්ගේ ගිණුම වෙත යවා ඇති බැවින් ඔක්තෝබර් මාසය සඳහා වන රුපියල් 3000ක දීමනාව ඉදිරි සතිය තුළ ඔවුන්ගේ ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන  ලෙසත් එම රුපියල් 3000ක දීමනාව ලබන මස සිට විශ්‍රාම වැටුපට එකතු කර ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required