/
/
title icon ඉදිරි පැය 48 තුළ ගම්පහ ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවධානමක්
ඉදිරි පැය 48 තුළ ගම්පහ ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවධානමක්
Presila Sandaruwani
1 month ago
Share:
ඉදිරි පැය 48 තුළ ගම්පහ ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවධානමක්

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් යොමුකරමින් දන්වා සිටින්නේ අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මේ මොහොතේ සිට ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදනමක් පවතින බවට අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව තිබෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required