මහනුවර - කුණ්ඩසාලේ ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් 100කට අධික සංඛ්‍යාවක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම අවස්ථාවේදී ඔවුන් සතුව තිබූ ලැප්ටොප් පරිගණක සියයකට අධික ප්‍රමාණයක්ද, අයිෆෝන් වර්ගයේ ජංගම දුරකථන සියයකට ආසන්න ප්‍රමාණයක්ද පොලීසිය සිය භාරයට ගෙන ඇති බව සඳහන්.
මෙම චීන ජාතිකයන් එම හෝටලයේ නවාතැන් ගෙන සිටීමට සාධාරණ හේතුවක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බව සඳහන්.