සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ ගම්පහ ප්‍රධාන සංවිධායක ධූරයෙන් තමාව හදිසියේම ඉවත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ.
සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික්කය සඳහා භාරදුන් නාමයෝජනා පත්‍රයේ අජිත් මාන්නප්පෙරුම මහතාගේ නමද ඇතුළත්ව තිබුණා.
මේ හේතුවෙන් තමාට ඡන්දය දීමෙන් වළකින ලෙස ඔහු සියලුම ඡන්දදායකයන්ගෙන් ඉල්ලීමක් සිදුකරනු ලැබුවා.
සමග ජන බලවේගයේ ගම්පහ ප්‍රධාන සංවිධායක ලෙස පත්කර ඇත්තේ වරුණ දීප්ත රාජපක්ෂ මහතා වන අතර, කලක් ඔහු ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ රාජපක්ෂ මහතා පසුව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වුණා.
පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ඔහු සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත් වුණා.
පක්ෂය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළ තමා සංවිධායක ධූරයෙන් හිටි හැටියේම ඉවත් කිරීම අන්ත අසාධාරණ තීරණයක් බව අජිත් මාන්නප්පෙරුම මහතා කියා සිටියේ.