/
/
title icon ජාත්‍යන්තරයට යන ලංකාවේ Animation
ජාත්‍යන්තරයට යන ලංකාවේ Animation
Thamalee Pathiraja
5 days ago
Share:
ජාත්‍යන්තරයට යන ලංකාවේ Animation

ලංකාවේ නිර්මාණය වන පළමුවන English Animation  Movie එක දෙරණ ආයතනයේ Macro  Entertainment අංශය තුළ වසර හතරක් තිස්සේ නිර්මාණය වෙමින් පවතියි.ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට යන පළමු English Animation movie එක වන්නේ "The Secret OF The Moonstone "  ය.මෙයින් පිළිබිඹු  වන්නේ මහදැන මුත්තගේ කතාව වර්තමානයට ගැලපෙන  ආකාරයට  ඉදිරිපත්  කිරීමයි.

මෙම Movie  එක නිර්මාණය කිරීමේ අරමුණ ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය ,සංස්කෘතික රටාව ,කතා විලාසයන් සහ ඇඳුම් පැළඳුම් ජාත්‍යන්තර තලයට ගෙන යාමයි.මෙකී කරුණු වලට අනුව Movie  එක සදහා  වෙනස්ම ආකාරයේ පිටපතක් නිර්මාණය කිරීමට ඔවුනට හැකියාව ලැබී තිබේ.English Animation Movie ය මගෙන් ජාත්‍යන්තර වැළඳපල සබඳතා වර්ධනය කර ගැනීම හා වැඩි ඩොලර් ප්‍රමාණයකට වගකීමට මෙම නව නිර්මාණ කලාව උපකාර වේ යැයි ඔවුන් විශ්වාස කරයි. නව Animation  Movie , Mobile Game , Computer  Game නිර්මාණය  කිරීමට ද ඔවුන් අරමුණු කොටගෙන තිබේ.

පළමු වසර තුළදී  Research  And Development යටතේ මෙය නිර්මාණය කරන්නේ  කෙසේ දැයි අධ්‍යයනයක  නිරත වී තිබේ.පළමු වර්ෂයේ සිට මෙකී කාල සීමාව වනතුරුම නිර්මාණ කටයුතු සිදුකර ගැනීම සඳහා හැත්තෑ පස් (75)  දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකගේ මහන්සිය, කැපවීම, ශක්තිය, දායකත්වය නොපිරිහෙලා ලබා දෙමින් සිටිති.සජීවීව කරන ලද රූපගත කිරීම හරහා ලබාගන්නා තොරතුරු මත Animation Movie  එක සිදු කරයි.2025 අප්‍රේල් මාසය වන විට මෙම  Animation  Movie එක  ඔවුන්  ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.එලෙසම ඔවුන් movie media  Academy යක්  යටතේ  Diploma හරහා මෙම තාක්ෂණික දැනුම ලබා දීමට ඔවුන් බලාපොරොත්තු වේ.

තමාලී පතිරාජ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required