පා පන්දු ක්‍රීඩාවට පසුව ලෝකයේ ජනප්‍රිය ම ක්‍රීඩාව වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවයි. එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව යන රටවල මෙය ඉතාමත් ජනප්‍රිය ය.
1597 ජනවාරි 17 වන දින ලිඛිත වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වී ඇති බවට සාධක ඇත. 16 වන සියවස තෙක් අතීතයකට විහිදෙන මෙය එංගලන්තයේ කේට් හා සසෙක්ස් යන ප්‍රදේශ අතර පිහිටි වීල්ඩ් නම් ප්‍රදේශයේ ළමුන් පිරිසක් විසින් ආරම්භ කර ඇති බව සදහන් ය. තව ද සක්සන්වරු හා නෝමවරු අතර පැවති තරගයක් ලෙසත් මෙය හැඳින්විය හැකිය..ජෝන් ඩෙරික් නම් අයෙකු තමා වයස අවුරුදු 09 දී පමණ ළමුන් පිරිසක් සමඟ ක්‍රිකට් ක්‍රීඩාව සිදු කර ඇති බව සදහන් කර ඇත. මුල් කාලයේ දී මෙය ළමුන්ගේ ක්‍රීඩාවක් වූ බවත් 17වන සියවසේ මුල් භාගයේ දී ඊට වැඩිහිටියන් එකතු වූ බවත් සදහන් ය. ආරම්භයේ දී ගලක් හෝ බැටලු වූල් වලින් සාදන ලද පන්දුවක් යොදගත් අතර ක්‍රීඩා කිරීම සදහා බැටලුවන් යොදා සිටි පිටියත්, පන්දුවට පහර දීමට ගොවිපලෙහි උපකරණත් හා කඩුල්ල වශයෙන් කුඩා ගේට්ටුවක් හෝ කුඩා පුටුවක් භාවිත කර ඇත.17 වන සිය වසේ දී මෙම ක්‍රීඩාව ග්‍රාමීය වශයෙන් ක්‍රියාත්මක විය. 18 වන සියවසේ දී එංගලන්තයේ ජාතික ක්‍රීඩාව වූ අතර මෙම කාලයේදීම ව්‍යාප්ත වන්නට වූයේ ය. මූලික වශයෙන් බටහිර ඉන්දීය කොදෙවු දේශයට මෙය හදුන්වාදුන් අතර නැගෙනහිර ඉන්දීය සමාගම් නායකයන් විසින් ඉන්දියාවට ද හදුන්වා දුන්නේ ය. 1788 දී ඕස්ට්‍රේලියාවටත්, 19 වන සිය වසේදී නවසීලන්තයට හා දකුණු අප්‍රිකාවටත් හදුන්වා දෙන ලදී.
1844 දී එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වූ අතර 1877 දී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවත්, 2007 විස්සයි විස්ස තරගත් ආරම්භ වූයේය. ඊට අමතරව T10, THE HUNDRED, T05 හා වර්තමානයේ ලෙජන්ස් මෙන්ම ලීග් තරඟ ද ආරම්භ කර ඇත. මේ වන විට ලීග තරඟ හැර සෙසු තරඟ සියල්ල පාලනය කරනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC ) මගිනි. රටවල් 100ට අදික ප්‍රමාණයක් මෙහි සාමාජිකයන් වන අතර ඉන් සක්‍රීයව ඇත්තේ රටවල් 12 කි. එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දිය කොදෙවු, ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්ථානය, නවසීලන්තය, බංගලදේශය, සිම්බාබ්බේ, ඇෆ්ගනිස්ථානය, අයර්ලන්තය මෙයට අයත් වේ. මීට අමතරව නෙදර්ලන්තය හා වර්ථමානයේ දී ඇමරිකාවද සාමාජිකත්වය ලබාගෙන ඇත.
මුල්කාලයේ දී නිශ්චිත ක්‍රීඩකයන් පිරිසක් නොසිටි නමුත් අදවන විට ක්‍රීඩකයන් 11ක් එක් කණ්ඩායමකට අයත් ය. මෙහිදී එක වර කණ්ඩායම් දෙකක් පමණක් ක්‍රීඩාවේ යෙදෙන හෙයින් එක් කණ්ඩායමක් පන්දුවට පහර දෙන අතර අනෙක් කණ්ඩායම පන්දු රැකීම සිදු කරයි. පිටිය මැද ඇති ඍජුකෝණාස්‍රාකාර තණ නිල්ල දිගින් යාර 22ක් වන අතර පිටියේ අරය අවම වශයෙන් මීටර් 54ක් වේ.
ක්‍රිකට් ක්‍රීඩාවේ නීති සම්බන්ධයෙන් නිශ්චිත ඉතිහාසයක් සඳහන් නොවූවත් 1728 දී රිචඩ් ආදිපාද වරයා හා ඇලම් ගෝරික් මේ සදහා නීති රීති පැණවූ බව පැවසේ. 1744 දී පන්දුව, කඩුල්ල, පිත්ත හා දැවීයාම පිළිබදව ප්‍රථම වරට නීති සකස් වූ බවත්, 1774 දී කඩුල්ල මුවා කිරීමේ වරද ( LBW ) මැද කඩුල්ල හා අනෙකුත් කඩුලු අතර පරතරය හා සම්පූර්ණ කඩුල්ලේ පළල තීරණයකොට ඇත. පිටිය මැද සිටින විනිසුරුවන් දෙදෙනා දැවීයාම හා තරගය පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබදව සදහන් කර ඇත. වර්ථමානය වනවිට තාක්ෂණයේ දියුණුවත් සමඟ තරඟ විනිසුරුවරයෙකු පත් කර ඇත. ප්‍රධන විනිසුරු පන්දු යොමු කරන අන්තයේ කඩුල්ල අසල සිටියි. 1787 දී MCO ක්‍රීඩා සමාජය ක්‍රිකට් නීති භාරකරුවශයෙන් පත් කරයි. 1839 දී සසෙක්ස් වලින් ආරම්භ වන ක්‍රිකට් ක්‍රීඩා සමාජ 19 වන සිය වසේදී එංගලන්තය පුරා ව්‍යාප්ත විය. පන්දුවට පහර දී දිවීමෙන් ලකුණු ලබා ගැනීම , සීමාව ඉක්මවා ඉහළින් පහර දුන් පන්දුව වැටුනු විට ලකුණු 6ක් ද; සීමව ඉක්මවා පහර දුන් පන්දුව පහළින් ගියහොත් ලකුණු 4ක් වශයෙන් ද ලබා දෙනු ඇත. පන්දු යවන්නා විසින් නිපන්දු යොමුකල විට ලකුණු හිමිවනු ඇත.
1817 දී ප්‍රථම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ විය. 1844 දී ප්‍රථම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩා ( ODI ) තරඟ ලෙස කැනඩාව හා ඇමරිකාව අතර ආරම්භ විය. 1861 - 1862 අතර ප්‍රථම ජාත්‍යන්තර ටෙස්ට් තරගය පැවතුන ද නිල වශයෙන් පිළිගනු ලබන්නේ 1877 දී ඕස්ට්‍රේලියාවේ ටර්න්බූල් හි පැවති එංගලන්ත ඕස්ට්‍රේලියා තරගයයි. 1878 දී එංගලන්තයේ දී දෙවන ජාත්‍යන්තර ටෙස් තරඟය මෙම රටවල් දෙක අතර ම පැවතිනි. 1882 දී එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේ දී එංගලන්තය පරදවමින් ඕස්ට්‍රේලියාව තෙවන ටෙස් තරගය ජය ගනු ලබයි. තෙවන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම වශයෙන් දකුණු අප්‍රිකාව පත්වන්නේ 1889 යේ දී ය.
1890 දී එංගලන්තයේ ප්‍රාන්ත අතර නිල වශයෙන් ක්‍රිකට් ශූරතාවලියක් පැවැත්විය. පසුව සෙසු රටවලට පවා මෙය ව්‍යාප්ත වී ඇත. 1892-1893 කාලයේ දී සෙෆීල් පළිහ ශූරතාවලිය, දකුණු අප්‍රිකාව කේරී කුසලාන ශූරතාවලිය, නවසීලන්තය ෆ්ලාන්ට් පළිහ ශූරතාවලිය හා ඉන්දියාව රන්දි කුසලාන ශූරතාවලිය පවත්වා ඇත.
ආරම්භයේ දී එක් පන්දු වාරයකට පන්දු 04ක් බැගින් යොමු කළ හැකි විය. 1890 දී පන්දු 05ත්, 1900 පන්දු 6 බැගිනුත් පන්දු වාරයකට යොදා ගැනිණි. 1922 දී ඕස්ට්‍රේලියාවේ පන්දුවාරයකට පන්දු අට බැගින් යෙදා ගැනීමට අත්හදා බැලීම් කලේය. 1937 දී දකුණු අප්‍රිකාවත් 1940 දී එංගලන්තයත් මෙම අත්හදා බැලීම සිදුකළ අතර පසුව එය සම්මත විය. 1940 ලෝක යුද්ධයෙන් පසුව පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාව නතර වූ නමුත් ඉන් පසුව ආරම්භ වූ විට පන්දුවාරයකට පන්දු 6ක් යොදා ගත්තේ ය. 1947 දී ක්‍රිකට් නීති හා කොන්දේසිවලට අනුව පන්දු 6ක් හෝ 8ක් යොදා ගැනීමට අවසර ලැබිණි. 1974 -1980 කාලයේ දී නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව නැවත පන්දුවාරයකට පන්දු 06 බැගින් යොදාගත් විට නැවත එය ලොව පුරා ව්‍යාප්ත වන්නට විය.
1909 ජූනි 15 වන දින අධිරාජ්‍යවාදී ක්‍රිකට් කවුන්සිලය ආරම්භ කළ අතර එංගලන්තය, ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව එහි සාමාජිකයන් වූයේ ය.1965 දී මෙය ජාත්‍යන්තර ක්‍රිකට් සම්මෙලනය වශයෙන් හා 1989 දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වශයෙන් නැවත නම් කරන ලදී. 1928 බටහිර ඉන්දිය කොදෙවු, 1930 නවසීලන්තය, 1932 ඉන්දියාව, 1952 පාකිස්ථානය, 1982 ශ්‍රී ලංකාව, 1992 සිම්බාබේ, 2000 බංගලාදේශය, 2018 ඇෆ්ගනිස්ථානය හා අයර්ලන්තය යන රටවල් සාමජිකත්වය ගත්තේ ය.
1975 දී ප්‍රථම ක්‍රිකට් ලෝක ශූරතාවලිය පැවැත් වූ අතර මෙහි දී ඕස්ට්‍රේලියාව පරදවමින් බටහිර ඉන්දිය කොදෙවුවන් ජය ගන්නා ලදී. 2001 ටෙස් ශූරතා වගුවත්, 2002 එක් දින ශූරතා වගුවත් ICC ය මගින් හදුන්වා දුන්නේ ය. 2007 වසරේ දී ප්‍රථම විස්සයි විස්ස ( T20 ) තරගාවලිය ආරම්භ කළ අතර එහි දී පාකිස්ථානය පරදවමින් ඉන්දියාව ජය ගන්නා ලදී. විස්සයි විස්ස යනු එංගලන්තයේ ප්‍රාන්ත අතර පැවති තරගාවලියකි.
ශ්‍රී ලංකාව ලෝක කුසලාන දෙකක් හා ලෝක කුසලාන අනුශූරතා හතරක් දිනාගෙන ඇත.1975 සිට 2023 දක්වා මෙතෙක් බිහි වූ ලෝක ශූරයන් පහත ආකාරයට දැක්විය හැකි ය.
1975- බටහිර ඉන්දීය කොදෙවු.
1979- බටහිර ඉන්දීය කොදෙවු.
1983- ඉන්දියාව.
1987- ඕස්ට්‍රේලියාව.
1992- පාකිස්ථානය.
1996- ශ්‍රී ලංකාව.
1999- ඕස්ට්‍රේලියාව.
2003- ඕස්ට්‍රේලියාව.
2007- ඕස්ට්‍රේලියාව.
2011- ඉන්දියාව.
2015- ඕස්ට්‍රේලියාව.
2019- එංගලන්තය.
2023- ඕස්ට්‍රේලියාව.
තිසාරා රාජපක්ෂ.