සහරා කාන්තරය වසර 50කට පමණ පසුව එහි පළමු සැළකිය යුතු වර්ෂාපතනය අත්විදිමින් සිටිනවා.
මේ හේතුවෙන් සහරා කාන්තරයේ ප්‍රදේශ කිහිපයක් ජල ගැලීම් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නාසා ආයතනය මීට අදාළව ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප ද විදෙස් මාධ්‍ය මගින් ප්‍රචාරය කර තිබෙනවා.
දශක ගණනාවක් තිස්සේ වර්ෂාව නොමැතිව පැවති සහරා කාන්තරයට මෙලෙස වර්ෂාව ලැබීමෙන් එහි ප්‍රදේශ කිහිපයක් යලි පන ගැන්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.