පුද්ගලයින් තිදෙනෙකු මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක ගැටී ජීවිත්කෂයට පත්වී තිබෙනවා.
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී අද (12) සවස මෙම පුද්ගලයින් තිදෙනා දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් පිරිමි පුද්ගලයින් දෙදෙනකු හා වයස අවුරුදු තුනක දරුවකුද ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
මියගිය පුද්ගලයින් තිදෙනා කළුතර දකුණු රජවත්ත ප්රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.