ප්‍රසිද්ධ යූ ටියුබ් තරුවක් වන අශේන්ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීම අසාධාරණ ක්‍රියාවක් බව හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රී මහතා පවසනවා.
අශේන්ගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම සදහා මැතිවරණ කොමිසම ඉදිරිපත් කර තිබෙන චෝදනාව අභූත චෝදනාවක් බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.
වගකිව යුතු පුද්ගලයෙකු විසින් නාම යෝජනා පත්‍රය භාර දී නැති බව චෝදනා කිරීමට පෙර, එකී නාම යෝජනා පත්‍රය භාර ගත් නිළධාරියා ඒ බව කලින් දැන නොසිටියේදැයි අලි සබ්රී මහතා ප්‍රශ්න කරනවා.
එසේම, වරද නිවැරදි කිරීමට අවස්ථාවක් නොදී, නාම යෝජනා පත්‍රය පිළිගෙන පසුව එය අවලංගු කිරීම මැතිවරණ නිළධාරියෙකුගේ මහජන යුතුකම නොවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.