ජනාධිපතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයන්ට සිය වියදම් වාර්තා භාරදීම සඳහා ලබා දුන් කාලය අදින් අවසන් වන අතර , පසුගිය 10 වනදා වන විටත් වියදම් වාර්තා ලබාදී තිබුණේ අපේක්ෂකයින් 08 දෙනෙකු පමණක් බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.
හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සහ සිරිතුංග ජයසූරිය යන මහත්වරුන් එලෙස වියදම් වාර්තා භාරදුන් අපේක්ෂකයන් අතර සිටියා.
කෙසේ වෙතත්, නියමිත පරිදි වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩි දුරටත් සඳහන් කරන්නේ.