ජනාධිපතිවරණ සමයේදී නිකුත් කළ මත්පැන් හල් බලපත්‍ර 50ක් අත්හිටුවා ඇති අතර, ඒවා නැවත නිකුත් කිරීමට හෝ අවලංගු කිරීමට පෙර සමාලෝචනය කර බැලීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, අදාළ බලපත්‍ර ලබාගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයන් සඳහා නව මාර්ගෝපදේශ නිකුත් කිරීමටද සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා.
මේ අතර,නව මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීමට පෙර ප්‍රදේශවාසීන්ගේ අදහස් මෙන්ම ආගමික සිද්ධස්ථාන සහ පාසල්වල අදහස් ද සැළකිල්ලට ගන්නා බවයි සඳහන් වන්නේ.
සංචාරක ක්ෂේත්රයේ නියැලෙන්නන්ට එම කලාප සඳහා මෙය අත්‍යවශ්‍ය වන බැවින් ඊට ප්‍රමුඛත්වය දීමටත් දැනට තිබෙන තැබෑරුම් ක්‍රමානුකූලව ඉවත් කිරීමටත් සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා.