හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ක්‍රියාකාරී දේශපාලනයෙන් තාවකාලිකව සමුගන්නා බව අද ප්‍රකාශ කළා.
ඒ, මහනුවර පෞද්ගලික හෝටලයකදී සිය පාක්තීෂිකයින් හමුවෙමින්.
මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් දේශපාලනික වශයෙන් අනාථ වූ අයෙකු නොවන බවයි.
තමන්ට අධිකරණය වෙතින් සාධාරණය ඉටුවනු ඇතැයි දැඩි විශ්වාසයක් පවතින බවත්, නිර්දෝෂි පුද්ගලයෙකු ලෙස නැවත දේශපාලනයට පිවිසීම තම බලාපොරොත්තුව බවත් ඔහු සඳහන් කළා.