/
/
title icon හසු නොවිය යුතු ඔන්ලයින් වංචාව.
හසු නොවිය යුතු ඔන්ලයින් වංචාව.
Thisara Rajapaksha
1 week ago
Share:
හසු නොවිය යුතු ඔන්ලයින් වංචාව.

ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මහා පරිමාණයෙන් ජනතාවගේ මුදල් කොල්ලකෑම් සම්බන්ධයෙන් පසුගිය දිනවල තොරතුරු වාර්ථා විය.මෙම අන්තර්ජාල වංචා යනු අන්තර්ජාලය හරහා සිදු වන අපරාධ වේ.මේ තුළින් අන්තර්ජාල පරිශීලකයන්ගේ ආරක්ෂාවට සහ ආදායම්වලට අහිතකර බලපෑම් සිදු කරනු ලබයි.අන්තර්ජාල වංචා වර්ග ලෙස ක්ෂණික මුදල් වංචා, තොරතුරු වංචා,අනවශ්‍ය මෘදුකාංග ස්ථාපනය කිරීම්,සමාජ මාධ්‍ය වංචා ආදිය දැක්විය හැකි ය.මේවා ඩිජිටල් යුගයේ දුර්වලතා උපයෝගී කර ගනිමින්, ගෝලීය වශයෙන් මිලියන ගණනකට බලපෑම් කරමින් අද වන විට ලෝකයේ පුළුල් හා සංකීර්ණ ගැටලුවක් බවට පරිණාමය වී ඇත. 

මෙම අන්තර්ජාල වංචාවන් පිළිබඳ අවධානය යොමු කිරීමේ දී 1990 ගණන්වල ආරම්භ වූ නයිජීරියානු 419 වංචාව මඟින් ඉහළ ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වෙමින් මූල්‍ය ආධාර සොයන ධනවත් පුද්ගලයන් ලෙස පෙනී සිටින වංචාකරුවන් සම්බන්ධ වේ.එමෙන් ම තොරතුරු වංචාවන් නීත්‍යානුකූල ආයතන ලෙස වෙස්වලාගෙන සංවේදී තොරතුරු ලබා ගැනීමට පුද්ගලයින් රවටා ගනී. 2022 දී, එක්සත් ජනපදයේ වින්දිතයින් 300,497 දෙනෙකුට තතුබෑම් වංචා හේතුවෙන් ඩොලර් මිලියන 52 ක් අහිමි විය. තවද ආදර සබඳතා ගොඩනඟා ගැනීමට සහ ඒ මඟින් වංචා සිදු කිරීමට ව්‍යාජ සබැඳි පැතිකඩ නිර්මාණය කරයි. 2022 දී 70,000 කට ආසන්න පුද්ගලයින් ප්‍රේම සම්බන්ධ වංචා වාර්තා කර ඇති අතර පාඩුව ඩොලර් බිලියන 1.3කි.ඇතැම් විට මූල්‍ය සූරාකෑමට තුඩු දෙන, නොපවතින පරිගණක ගැටලු නිරාකරණය කිරීමට තාක්ෂණික සහායකයන් ලෙස වංචාකරුවන් පෙනී සිටියි. තාක්ෂණික ආධාරක වංචා ඇතුළු අදාළ සයිබර් අපරාධ සංඛ්‍යාව, 2019 දී නඩු 467,000 සිට පසු වසරවල දී 800,000 දක්වා වැඩි විය.ඩිජිටල් මුදල් වල ඉහළ යාම ගසාකමින්,Cryptocurrency වංචා හේතුවෙන් පාරිභෝගිකයින්ට ඉතා විශාල ලෙස මූල්‍ය අහිමිවලට මුහුණ දීමට සිදු වී ඇත. ව්‍යාජ රැකියා ලැයිස්තුගත කිරීම් සහ බඳවා ගැනීම් රැකියා සොයන්නන් වෙත පෙන්වා මුදල් ලබා ගැනීම් ද මේ තුළ සිදුවනු ඇත.

මෙම අපරාධවලට හසු නොවීම සඳහා තමාගේ අන්තර්ජාල ආරක්ෂාව සඳහා අප අනුගමනය කළ යුතු දෑ ඇත.එනම් පෞද්ගලික සහ බැංකු තොරතුරු අනවසරයින්ගෙන් ආරක්ෂා කරගැනීම,ආරක්ෂිත වෙබ් අඩවි භාවිතය එනම් HTTPS සහිත වෙබ් අඩවි පමණක් භාවිතා කිරීම,OTP පිළිබඳ සැලකිලිමත් වීම,ගනුදෙනු කළ අවස්ථා සොයා බැලීම,ගනුදෙනු කරන විට අධික අවදානයෙන් යුතු වීම, ප්‍රති වෛරස  මෘදුකාංගවලින් උපාංග ආරක්ෂා කර ගැනීම,හොඳ ම VPN සේවාව සමඟින් පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම ආදිය අනුගමනය කළ යුතු ය.

ශ්‍රී ලංකාවේ ද ඔන්ලයින් අපරාධවලට එරෙහිව කටයුතු කිරීම සඳහා රජය, නීතිමය ආයතන සහ සමාජය මේ වන විට විවිධ පියවර ගෙන ඇත.එනම්, දූෂණ විනිශ්චය හා වංචා වැලැක්වීමේ නීති පැනවීම්,සයිබර් ආරක්ෂණය සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීම, පුරවැසියන්ට ඔන්ලයින් වංචා, තොරතුරු ආරක්ෂාව සහ සමාජ ජාල භාවිතය පිළිබඳ අවදානම් පිළිබඳ විශේෂිත ඉගැන්වීම් සිදු කිරීම,පුරවැසියන්ට අන්තර්ජාලයේ දී පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට උපදෙස් ලබා දීම,HTTPS සරල මුරපද භාවිතය සහ යාවත්කාලීන මෘදුකාංග භාවිතා කිරීම යනාදියෙන් වඩාත් සුරක්ෂිත ආකාරයකින් අන්තර්ජාලය භාවිතා කිරීමට උපදෙස් ලබා දීම,නීතිමය ආයතන හා පොලිසියට සිදුවීම් වාර්තා කිරීමට පුරවැසියන්ට උපදෙස් ලබා දීම,අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධ සම්බන්ධයෙන් වාර්තාකරණය කිරීම,රාජ්‍ය ආයතන හා විශේෂිත ව්‍යාපාරික ආයතන අතර සම්බන්ධතා ගොඩනැඟීම, නීතිමය සහ පෞද්ගලික ආරක්ෂණ කටයුතු එකට එක්කොට ගැනීම ආදී පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ඔන්ලයින් අපරාධ වලින් සුරක්ෂිත වීම සඳහා ඉහත පියවරයන් ප්‍රමාණවත් හා කාර්යක්ෂම වුවත්, පුරවැසියන්ගේ සහයෝගය සහ අපරාද පිළිබඳ අවබෝධය අන්තර්ජාල අපරාද අවම කර ගැනීම සඳහා ඉතා වැදගත් වේ.

තිසාරා රාජපක්ෂ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required