
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ එළැඹෙන 2025 වසරේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා පත්කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මුම්බායි කණ්ඩායම් හිමිකරුවන් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි.
මුම්බායි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් දකුණු අප්‍රිකානු හිටපු කඩුලු රකින්නෙකු මෙන්ම පිතිකරුවෙකු වූ මාර්ක් බවුචර් කටයුතු කළා.
කෙසේ වෙතත්, වසර දෙකක ඔහුගේ ධුර කාලය තුළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සැලකිය යුතු දක්ෂතාවක් දැක්වීමට නොහැකි වූ අතර, 2024 වසරේ පැවති අදියරේදී මුම්බායි කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ හිමිවූයේ අවසන් (10) ස්ථානයයි.