පැවැති ජනාධිපතිවරණයට අදාළව ආදායම් සහ වියදම් වාර්තා ලබා නොදුන් ජනපති අපේක්ෂකයින් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයින් 38 දෙනාගෙන් 35 දෙනෙකු සිය වාර්තා ලබා දී ඇති අතර ඉන් තිදෙනෙක් සිය ආදායම් සහ වියදම් වාර්තා ලබා දී නොමැති බවයි.
බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න , පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් යන ජනපති අපේක්ෂකයින් එලෙස ආදාළ වියදම් වාර්තා ලබා දී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.