කළුතර කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී තිදෙනෙකුට දිවි අහිමි කරමින් පසුගිය සෙනසුරාදා රාත්‍රියේ සිදු වූ දුම්රිය අනතුර සියදිවි නසා ගැනීමක ප්‍රතිඵලයක් බව අනාවරණය වී තිබෙනවා.
පොලීසිය සැක පළකරන්නේ සිද්ධියෙන් මියගිය 21 හැවිරිදි පුද්ගලයා ඔහුගේ බිළිඳා ද රැගෙන කෝච්චියට පැන ඇති අතර, එය වැළැක්වීමට උත්සාහ දැරීමේදී අසල්වැසි පුද්ගලයා ද කෝච්චියේ ගැටී ඇති බවයි.
ඉන් නාගොඩ වෙනිවැල්කැටියේ පදිංචිකරුවන් වූ 21 හැවිරිදි තරුෂ අසංක, ඔහුගේ අවුරුදු 01 යි මාස 10 ක් වයසැති බිළිඳා වන සනුල් මිතේෂ් සහ ඔවුන්ගේ අසල්වැසියෙකු වූ 49 හැවිරිදි රොෂාන් ජානක නමැත්තා ජීවිතක්ෂයට පත්වී තිබුණා.
අනතුරෙන් වැඩිහිටි පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර දරුවා මියගොස් ඇත්තේ කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේදීයි.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් කළුතර පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, මියගිය 21 හැවිරිදි පුද්ගලයා දැඩිලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු වන බවයි