/
/
title icon
රන්ජන් සමඟ මෙවර මැතිවරණයට එන හිටපු ඇමති වඩිවේල්
රන්ජන් සමඟ මෙවර මැතිවරණයට එන හිටපු ඇමති වඩිවේල්
Wasana Wickramasingha
4 months ago
Share:
රන්ජන් සමඟ මෙවර මැතිවරණයට එන හිටපු ඇමති වඩිවේල්

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්වයෙන් ආරම්භ කළ එක්සත් ප්‍රඡාතන්ත්‍රවාදී හඬ පක්ෂයට එක්ව තිබෙනවා.

ඒ අනුව, වතුකරයේ සිය ඡන්ද ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර ඔහු හාලිඇල වත්තේදී සිය පක්ෂ කාර්යාලය ද විවෘත කරනු ලැබුවා.

හින්දු සම්ප්‍රදායට අනුව පූජාවකට වඩිවේල් සුරේෂ් මහතා සහභාගිවී තිබූ අතර එහිදි ජප කළ දිය කළ හතකින් ස්නානය කිරීම ද එක් අංගයක් වී තිබුණා.

ඔහු එක්සත් ප්‍රඡාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කරන අතර මෙවර මහමැතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වදින කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කරනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required