දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ හේතුවෙන් පුද්ගලයින් 158,391 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටිනවා.
කැලණි ගඟ පිටාරගැලීමෙන් අංගොඩ, අඹතලේ, කැලණිමුල්ල, කැලණිය, කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටව තිබෙනවා.
එසේම, අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගය ජාඇල කොටුගොඩ මංසන්ධිය ජලයෙන් යටවුණා.
කෙසේ වෙතත්, ගම්පහ නගරයේ පැවති ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් ලවතින බවයි වාර්තා වන්නේ.
කළු ගඟ සහ කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ඇතුළු පහත්බිම් රැසක් ජලයෙන් යටවුණා.
එසේම, අද රාත්‍රියේ මෙන්ම හෙටත් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර් සියය ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.