වරින් වර ඇතිවන ගංවතුර පාලනය සඳහා නිශ්චිත හා තිරසාර වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ අද පැවති සාකච්ඡාවකදීයි.
අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් කොළඹ, ගම්පහ, පුත්තලම හා කළුතර ජනතාවට කඩිනමින් සහන සැපයීමටත් , ඉන් අනතුරුව දේපළ හානි පූර්ණය සඳහා කටයුතු කිරීමටත් ජනාධිපතිවරයා අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබාදීම සඳහා වෙන් කරන ලද රුපියල් මිලියන පනහට අමතරව තවත් මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ද ප්‍රතිපාදන වෙන් කරන ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.