තීරු බදු සහිත වාහන ආනයනය කිරීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
එසේම මෙම අවස්ථාවේ හදිසියේ වාහන ගෙන්වීමක් නොකරන බවත් නව රජය බලයට පත් වූ පසු තීරු බදු සහන ලබාදෙන වාහන ගෙන්වා නොමැති බවත් ඒ මහතා සඳහන් කරනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් විජිත හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, ඩොලර් අර්බුදයක් රට තුළ යළි ඇති නොවන ආකාරයට වාහන අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා යම් ඉඩ ප්‍රස්ථාවක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි