/
/
title icon විශ්වවිද්‍යාල කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයින් ඉල්ලා අස්වෙයි
විශ්වවිද්‍යාල කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයින් ඉල්ලා අස්වෙයි
Wasana Wickramasingha
1 month ago
Share:
විශ්වවිද්‍යාල කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයින් ඉල්ලා අස්වෙයි

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් සිය ධුරවලින් ඉල්ලා අස්වී ඇති අතර අදාළ ඉල්ලා අස්වීමේ ලිපි ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා වෙත යොමුකර තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදුකළ දැනුම් දීමකට අනුව මෙලෙස ඔවුන් සිය ධුරවලින් ඉල්ලා අස්වී ඇති බව සඳහන්.

ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ උප සභාපති මහාචාර්ය චන්දන පී. උඩවත්ත මහතා ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ තනතුරුවලින් ඉල්ලා අස් වූ බවට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

ඊට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් ද සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත යොමුකර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required