
මෙම වර්ෂයේ ගත වූ කාලය තුළ, ඩෙංගු රෝගීන් 40,657 ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එසේම, එම කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් විසිදෙනකු මරණයට පත්ව තිබෙනවා.
ඒ අනුව, මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ද ඩෙංගු රෝගය පැතිර යාමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙනවා.
මෙම තත්ත්වය හේතුවෙන් අවට පරිසරයේ පිරිසිදු බව පිළිබඳව උනන්දුවෙන් කටයුතු කරන ලෙසත් ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන අවම කරගන්නා ලෙසත් ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවට දැනුම්දී සිටිනවා.