/
/
title icon කාලගුණයේ වෙනසක්
කාලගුණයේ වෙනසක්
Wasana Wickramasingha
1 month ago
Share:
කාලගුණයේ වෙනසක්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩු වෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එමෙන්ම, උතුරු පළාතේ අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය  හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවීමේ හැකියාව පවතිනවා.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

එසේම, දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ද පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස  දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required