රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවමක් ලබා සිටින අර්ජුන් ඇලෝසියස් ඇතුළු දෙදෙනෙකු ඇප මත මුදාහරින ලෙස කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රසික් සරුක් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම විත්තිකරුවන්ට එරෙහි නඩුකරය මේ වන විට අපරාධමය නඩුකරයක් බවට පත්වී ඇති නිසා ඔවුන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටිනු ලැබුවා.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ සඳහන් කළේ මෙය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහතිකයක් මත ඉදිරිපත් කළ නඩුවක් බවයි.
මෙහි වග උත්තරකරුවන්ට නියම කර තිබෙන්නේ විකල්ප දඩුවමක් වන හෙයින් එය අපරාධමය නඩුකරයක් බවට පත් නොවන නිසා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ.