ඔක්තෝබර් 26 වැනිදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්රාදේශීය සභා ඡන්ද විමසීමේදී ඡන්දදායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල වර්ණ ගන්වා සළකුණු කිරීමට තීරණය කර තිබෙනවා.
අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව එම තීරණය දැනුම් දෙනවා.
ඡන්දදායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල නොමැති නම් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ (262 වන අධිකාරය) 53අ(3) අ, ආ (i) (ii) (iii) වගන්ති ප්රකාරව ඔහුගේ දකුණු අතෙහි වෙන යම් ඇඟිල්ලක් වර්ණ ගැන්වීමට නියමිතයි.
2024.09.21 දින පැවති ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේදී ඡන්දදායකයාගේ වම් අතේ සුළැගිල්ල පාට කර ඇති බැවින් මතුවිය හැකි ගැටලුව නිරාකරණය කිරීම සඳහායී මෙම තීරණය ගෙන ඇත්තේ.