/
/
title icon මත්ද්‍රව්‍ය නිසා ගර්භණී මවුවරුන් අනතුරේ
මත්ද්‍රව්‍ය නිසා ගර්භණී මවුවරුන් අනතුරේ
Manjula Disanayaka
5 days ago
Share:
මත්ද්‍රව්‍ය නිසා ගර්භණී මවුවරුන් අනතුරේ

මවකගේ කුසින් නිරෝගී දරු සම්පතක් ලෝකයට දායාද කිරීම මවගේ පමණක් වගකීමක් නොවන අතර එය මව පියා යන දෙදෙනාගේම වගකීමකි.ප්‍රජනක සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට සහ දරුවන්ගේ අනාගත යහපැවැත්ම සඳහා දෙමාපියන් දායක විය යුතුය.බොහෝවිට කාන්තාවකගේ කුසට දරු කළලය  පිවිසීමෙන් අනතුරුව ඒ පිළිබඳව බොහෝ විට කළ යුතු දේ හා නොකළ යුතු දේ පිළිබඳව බොහෝ පිරිස් දැනුවත් කරයි.ඒ අතර වෛද්‍යවරුන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්, හෙදියන් මූලික කාර්යයක් ඉටු කරනු ලබයි.

මත්ද්‍රව්‍ය යනු දරු කළලයකට  ඉතාමත් හානිදායක දෙයක් බව දරු කළලය දරාගෙන සිටින කාන්තා පාර්ශ්වයට දැනුවත් කලද පුරුෂ පාර්ශවය මත්පැන් ගැනීම දරුවකුට, දරු කළලයකට කුමන ආකාරයක බලපෑමක් එල්ල කරන්නේද යන්නත් දැනුවත්භාවය ඉතාමත් සීමා සහිත වේ.

මවක් විසින් ගර්භනී සමයේදී මත්පැන් පානය කිරීමෙන් කුස තුළ වර්ධනය වන දරුවාගේ සංජානන ක්‍රියාකාරීත්වයට ,මොළය වර්ධනයට මෙන්ම මුහුණේ හැඩයටද බලපෑම් ඇති කරන බව පර්යේෂකයන් සොයාගෙන ඇත.මේ පිළිබඳව බොහෝ දෙනකුගේ අවධානයට ලක් වුවද පිරිමියකු මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් ඔවුන්ගේ සරු බවට කොතරම් බලපෑමක් එල්ල කරයිද යන්න සොයා බැලීම කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ.මත්පැන් වල නිරාවරණය වන  පුද්ගලයන්ගෙන් බිහිවන කලල සංවර්ධනය පිළිබඳව පර්යේෂණ සිදු කරන මයිකල් හෝල්ඩින් නම් සංවර්ධන කායික විද්‍යාඥයා පවසන්නේ"සරු බව සහ ප්‍රජනනය පිළිබඳ පර්යේෂණ ස්ත්‍රිය පමණක් කේන්ද්‍ර කරලා, මව්වරුන් පමණක් කේන්ද්‍රගත කරලා, අපි ඇත්ත වශයෙන්ම පිරිමි පාර්ශවය කෙරෙහි නිසි අවධානයක් යොමු කරලා නැහැ"

2021 වර්ෂයේ දී චීනය තුළ අඹුසැමියන් ලක්ෂ පහකට වැඩි පිරිසක් යොදා ගනිමින් සිදුකළ පර්යේෂණයකදී මතු වූ කරුණ නම් මව්කුස තුල දරුවකු පිළිසිඳ ගැනීමට පෙර පියා මත්පැන් පානය කරන්නේ නම් එම දරුවන් යම් යම් ආබාධ වලට ගොදුරු වීමට ඇති අවදානම ඉහල බවයි.

මේ සඳහා හේතු රැසක් ඇති අතර එක් ප්‍රධානතම හේතුවක් වන්නේ ශුක්‍රාණු වල ගුණාත්මක භාවයයි. අධික ලෙස මත්පැන් පානය කිරීම ශුක්‍රාණු වල ගුණාත්මක බවට හානි ඇති කරනු ලබයි. එසේම වද භාවය ඇතිවීමේ අවදානමක් ද ඇත.ශුක්‍රාණු වල රූප විද්‍යාව වෙනස් කිරීමට බලපාන අතර ශුක්‍රාණු වලට ඩිම්බයක් වෙත ළඟාවීමට සහ සංසේචනය  වීමට අපහසු තත්ත්වයක් උදාකරයි.

එසේම DNA  වලට හානි කිරීමට මධ්‍යසාරවලට හැකියාවක් ඇති අතර එමඟින් උපත් ආබාධ , කළල සංවර්ධන ගැටලූ සහ ගබ්සාවීමේ අවදානමක් ඇති කරනු ලබයි.පියෙකුගේ ජානමය තත්වයන් අනාගතයේදී දරුවකුගේ සෞඛ්‍යයට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන අතර හානි වූ DNA දරුවකුගේ දීර්ඝකාලීන සෞඛ්‍ය ප්‍රතිවිපාක වලට හේතුවේ.

මීට අමතරව හෝමෝන අසමතුලිතතා නිසා  යම් යම් අහිතකර තත්ව ඇති කරනු ලබයි. අධික මත්පැන් භාවිතය සෞඛ්‍ය සම්පන්න ශුක්‍රාණු නිෂ්පාදනය කිරීම සඳහා අත්‍යවශ්‍ය ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය වැනි හෝමෝන නිෂ්පාදනය අඩාල කරනු ලබන අතර මේ තුළින් දුර්වල සරු බව ඇතිවීමට ඉඩකඩ පවතී.

මේ සඳහා පර්යේෂකයන් බොහෝ අවස්ථාවලදී ප්‍රකාශ කරනු ලබන්නේ මහජන සෞඛ්‍ය ව්‍යාපාර තුළින් සෘජුවම මෙම තත්ත්වය පිළිබඳව සමාජයට දැනුවත් කළ යුතු බවයි.මේ පිළිබඳව දැනුවත් බව අඩුවීම තුළින් මෙම තත්වය වර්ධනය  වේ.එය සීමා කිරීමට ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ගය වන්නේ ඉදිරියේදී දෙමාපියන්වීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිස් හට  මේ පිළිබඳව දැනුවත් කිරීමයි.

මංජුලා දිසානායක.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required