හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව ගොනුකර තිබෙන නඩු 07කට අදාළ සාක්ෂිකරුවන්ට ලබන 24 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබෙනවා.
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ වලංගු වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන්, ඇයට එරෙහිව මෙම නඩු ගොනු කර තිබෙනවා.
ඒ අනුව, අදාළ නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නම්කර සිටින ආගමන හා විගමන පාලක හෝ ඔහුගේ නියෝජිතයකු සහ තවත් පාර්ශ්වකරුවන් කිහිපදෙනෙකු වෙත මෙම නොතීසි නිකුත් කර තිබෙනවා.