/
/
title icon ශ්‍රී ලංකාව BRICS සාමාජිකත්වය ඉල්ලයි
ශ්‍රී ලංකාව BRICS සාමාජිකත්වය ඉල්ලයි
Wasana Wickramasingha
1 month ago
Share:
ශ්‍රී ලංකාව BRICS සාමාජිකත්වය ඉල්ලයි

BRICS සංවිධානයේ සහ New Development Bank හි සාමාජිකත්වය සඳහා අයදුම් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා.

විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා, රාජ්‍ය තාන්ත්‍රිකයින් සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර සිටියා.

2024 ඔක්තෝබර් 23 සිට 24 දක්වා රුසියානු සමූහාණ්ඩුවේ කසාන් නුවර පැවැත්වෙන BRICS සමුළුවට ඉදිරි මැතිවරණ හේතුවෙන් තමාට සහ ජනාධිපතිවරයාට සහභාගී වීමට නොහැකි බව විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා සඳහන් කරනවා.

ඒ අනුව, විදේශ කටයුතු ලේකම්වරිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගී වීමට සූදානමින් සිටිනවා.

විදේශ ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ තමන් දැනටමත් BRICS සාමාජික රටවල සහාය ඉල්ලා සිය සගයන් වෙත ලිපි යොමු කර ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required