සියලු විශ්‍රාමිකයින් සඳහා රුපියල් තුන්දහසක මාසික අන්තර් කාලීන දීමනාව අද දින සිට ඔවුන්ගේ ගිණුම් වලට මුදා හැරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.
විශ්‍රාමිකයින් සඳහා යෝජිත රුපියල් තුන්දහසක මාසික අන්තර් කාලීන දීමනාව නොගෙවීම සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙසටයි පසුගියදා උපදෙස් ලබා දී තිබුණේ.
එම උපදෙස් අනුව යමින් මහා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලබා දී තිබෙනවා.
ඒ අනුව අද දිනයේ සිට විශ්‍රාමිකයින්ගේ ගිණුම්වලට එම මුදල් බැර කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
රාජ්‍ය හා පෞද්ගලික බැංකු මගින් විශ්‍රාම වැටුප ලබා ගන්නා විශ්‍රාමිකයින්ගේ බැංකු ගිණුම් වෙත අද දිනයේම මුදල් බැර කර ඇති අතර තැපැල් කාර්යාල හා උපකාරයාල මගින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා විශ්‍රාමිකයින්ට එළඹෙන 18 වැනිදා සිට මෙම දීමනාව ලබා ගැනීමට හැකියාව තිබෙනවා.