ශ්‍රී ලංකන් ගුවන් සේවය විකිණීම සඳහා තිබූ සැලසුම අත්හැර දැමීමට නව රජය කටයුතු කර ඇති බව එම සමාගමේ සභාපති සරත් ගනේගොඩ මහතාව උපුටා දක්වමින් TTG Asia වෙබ් අඩවිය වාර්තා කරනවා.
එහි සඳහන් වන්නේ එම ආයතනය වඩා ලාභ ලබන ගුවන් සේවයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.
වර්ෂ ගණනාවක් පුරා ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩු ලැබීම හේතුවෙන් පසුගිය රජය විසින් එහි කොටස් මිලදී ගැනීම සහ කළමනාකරණය සඳහා ලංසු කැඳවා තිබූ අතර එම සැලසුම යටතේ ගුවන් සේවයේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් ආයෝජකයින්ට විකීණීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත්, ගනේගොඩ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙරට සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සඳහා වැදගත්ම සාධකයක් වන බවයි.
මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් 50% ක් පමණ පැමිණෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය භාවිතා කරමින් වන අතර 2030 වන විට එම ප්‍රමාණය මිලියන 3 දක්වා ඉහළ දමා ගැනීමට සැලසුම් සකස් වෙමින් පවතිනවා.