ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පැවැති අතර එහිදී අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ක්‍රියාත්මක ව්‍යාපෘති පහක් පිළිබඳව පුළුල්ව සාකච්ඡා කෙරුණා.
ශ්‍රී ලංකාවේ ප්‍රගමනයට ඉවහල් වන සේ මානව සම්පත වැඩිදියුණු කිරීම සඳහා දරුවන් දැනුමෙන් සන්නද්ධ කළ යුතු බවත් ඉදිරි අවුරුදු දහය තුළ ලෝකයට අවශ්‍ය වන මානව සම්පත නිර්මාණය කිරීමේ මෙහෙයුම අධ්‍යාපන නිලධාරීන්ට පැවරෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
මේ අතර, උසස් පෙළ සඳහා විද්‍යා,ගණිත හා තාක්ෂණ විෂය නිර්දේශ හැදෑරිය හැකි පාසල් ප්‍රමාණය පුළුල් කිරීම පිළිබඳව ද අවධානය යොමු වුණා.
අගමැති ආචාර්ය හරිනි අමරසූරිය, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.