/
/
title icon ශ්‍රී ලංකා සාගර කලාපය දූෂණය කළ නෞකා 26ක් අනාවරණය කෙරෙයි
ශ්‍රී ලංකා සාගර කලාපය දූෂණය කළ නෞකා 26ක් අනාවරණය කෙරෙයි
Presila Sandaruwani
1 month ago
Share:
ශ්‍රී ලංකා සාගර කලාපය දූෂණය කළ නෞකා 26ක් අනාවරණය කෙරෙයි

පසුගිය වසරක කාලය තුළ ශ්‍රී ලංකා සාගර කලාපය නෞකා 26ක් විසින්  දූෂණය කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කර සිටිනවා.

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ප්‍රංශ රජය සමග එක්ව දියත් කළ නිරීක්ෂණ ව්‍යාපෘතියක දත්ත පදනම් කරගනිමින් මෙම තොරතුරු හෙළිදරව් කර තිබෙනවා.

එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් නෞකා අනතුරු දෙක මෙරට සාගර කලාපයට දැඩි හානි සිදු කළ නෞකා අනතුරු දෙකක් වන බව නොරහසක්.

2021 වසරේ මැයි මාසයේ දී සිංගප්පූරුවේ ලියාපදිංචි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරාය අසල මුහුදේ ගිනි ගෙන මුහුදුබත් වුණා.

එසේ ම ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 38කට එපිටින් නිව් ඩයමන්ඩ් නෞකාව 2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී අනතුරට ලක්වුණා.

මෙම නෞකා අනතුරු හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසරයට දීර්ඝ කාලීන දරුණු හානියක් සිදු වී ඇති බව සිදු කළ පරීක්ෂණ අනාවරණය කරනු ලබනවා.

මෙවැනි සමුද්‍රීය පරිසරය දූෂණය කෙරෙන අනතුරු සිදු වූ වටපිටාවක ප්‍රංශ රජයේ ආධාර මත සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ප්‍රංශ සමාගමක් එක්ව ශ්‍රී ලංකා මුහුදු සීමාවේ චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගනිමින් 
ඉන්ධන කාන්දුවීම් පිළිබඳ සොයා බැලීමේ නියමු ව්‍යාපෘතියක් සිදුකර තිබුණා.  

එහි දී ලබාගත් දත්තවලින් අනාවරණ වී ඇත්තේ පසුගිය වසරක කාලය තුළ මෙරට සාගර කලාපයට ඇතුළු වූ නෞකා 26ක් මෙරට සාගර කලාපය දූෂණය කර ඇති බවයි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු ව්‍යාපෘති කළමනාකරු වන ඔලිවර් ජර්මේන්,

"අපි මේ වාර්තාව සියලු පාර්ශ්වකරුවන්ට ඉදිරිපත් කළාම ඔවුන් පුදුම වුණා. ඔවුන් ජාතික ජල පද්ධතිය මෙතරම් දූෂණය වෙලා කියලා අපේක්ෂා නොකරන්න ඇති. ගෙවුණු මාස 12 තුළ ජල දූෂණ අවස්ථා 115ක් නිරීක්ෂණය කළා. ඒකට අනුව අපි සලකා බලන ඕනෑම වෙලාවක ජල දූෂණය වීමේ අවස්ථා දැකගැනීමේ 50%ක අවස්ථාවක් පවතිනවා. අපි මෙහිදී සිදුව ඇති හානියේ පරිමාව ගණන් බැලුවා. ශ්‍රී ලංකාවේ ජල පද්ධතියට එක්වී ඇති දූෂක ප්‍රමාණය ලීටර් මිලියන 6කටත් වැඩියි. ඒකට අනුව සාමාන්‍යයක් ගත්විට සෑම මාසයකම ලීටර් 500,000ක දූෂක ජල පද්ධතියට එක්ව තිබෙනවා. ඔබට අදහසක් ගන්න කිව්වොත්. 2021 දී එක්ප්‍රෙස් පර්ල් අනතුරේදී ජලයට එකතු වී ඇත්තේ දූෂක ලීටර් 350,000ක් පමණයි. ඒ කියන්නේ, එක්ප්‍රෙස් පර්ල් අනතුරේදී ජලයට එක්වූ දූෂක ප්‍රමාණයට සමානව සෑම මාසයකම ජල පද්ධතියට දූෂක එක්වනවා. ඊට අමතරව අපි ජලදූෂකයින් ද හඳුනාගෙන තිබෙනවා. මෙහි සිදුවීම් 26කදි අපි එය ඔවුන් හඳුනාගත්තා. ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නත් කිව්වා."

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required