කිසියම් අපරාධයක් සිදු කිරීමට සැරසෙමින් සිටි පුද්ගලයන් පිරිසක් සූරිය වැව ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දේශීයව නිෂ්පාදනය කරන ලද අවි 06 ක් ද ඔවුන් සතුව තිබූ බව එම නිලධාරීන් සඳන් කළා.
විශේෂ කාර්ය බලකාය සූරියවැව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී වෑවිටවිධාන මහතාගේ අධීක්ෂණයෙන් සූරියවැව කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩබ්.එම්.ජී.ආර්. වීරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සූරියවැව පොලිස් වසමේ වල්සපුගල, 16 වැව අසළ කැළෑබඳ භූමියක දී මෙම වැටලීම සිදු කර තිබෙනවා.
මොවුන් සූරියවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28,29,34,39 හා 47 පසුවන පුද්ගලයන් වන අතර ඔවුන් සන්තකයේ තිබී මෙරට නිශ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කු 06 ක් ද අත්තඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සූරියවැව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.