සී ෂෙල්ස්හි නව නීතිපතිවරයා වශයෙන් ශ්‍රී ලාංකිකයෙකු වන වින්සන්ට් පෙරේරා යන අය දිවුරුම් දී තිබෙනවා.
ඔහු ඊයේ දිනයේ දී රාජ්‍ය මන්ධිරයේ දී නීතිපතිවරයා ලෙස දිවුරුම් දී දුන් බව සී ෂෙල්ස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා.
ශ්‍රී ලංකාවේ උපත ලැබු වින්ස්න්ට් පෙරේරා, කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපති උපාධියක් ලබාගෙන ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.
ඊට අමතරව ෆිජි හී නීතීඥවරයෙකු හා සොලිස්ටර්වරයෙකු ලෙසත් කටයුතු කර ඇති ඔහු සිංගප්පූරුවේ සමත මධ්‍යස්ථානයේ පිළිගත් මැදිහත්කරුවෙකු ලෙස ද සුදුසුකම් ලබා ඇති බව සඳහන් වනවා.
සී ෂෙල්ස් නීතිපතිවරයා ලෙස පත්වීමට පෙර වින්ස්න්ට් පෙරේරා මහතා සී ෂෙල්ස්හි නීතිපති කාර්යාලයේ සිවිල් නඩු පැවරීමේ නීති උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබෙන බව වාර්තා වනවා.