/
/
title icon HPV එන්නත්කරණය නිසා සිසුවියන් පස්දෙනකු රෝහල්ගත කෙරෙයි
HPV එන්නත්කරණය නිසා සිසුවියන් පස්දෙනකු රෝහල්ගත කෙරෙයි
Presila Sandaruwani
1 month ago
Share:
HPV එන්නත්කරණය නිසා සිසුවියන් පස්දෙනකු රෝහල්ගත කෙරෙයි

ගැබ් ගෙල පිළිකා වැළැක්වීම සඳහා ලබාදෙන HPV එන්නත ලබාදීමෙන් අනතුරුව රෝගාතුර වූ 12 හැවිරිදි සිසුවියන් පස්දෙනකු රෝහල්ගත කර ඇති බව අඟුරුවාතොට පොලීසිය පවසනවා.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ අඟුරුවාතොට වෙනිවැල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ හත් වන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියන් පස් දෙනෙකුයි.

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරි කණ්ඩායමක් විසින් එම පාසලේ හත් වන වසරේ ඉගෙනුම ලබන සිසුවියන් 26 දෙනෙකු උදෙසා මෙම එන්නත ලබාදීම සිදුකර තිබුණා.

එන්නත ලබා දී මද වේලාවකින් අනතුරුව සිසුවියන් පස්දෙනෙකුට හිසේ රුදාව, උදරය වේදනාව, හා ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් මිල්ලනිය සෞඛ්‍යාය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් ම රෝගාතුර වූ එම සිසුවියන් හල්තොට ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

එම රෝහලේ දී මූලික ප්‍රතිකාර ලබා දී වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් හොරණ දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර යවා තිබෙන බවයි වාර්තා වන්නේ.

පොලීසියට ද මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති අතර අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා මහතාගේ උපදෙස් මත විමර්ශන කටයුතු සිදු වනවා.
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required