
කුණ්ඩසාලේ පිහිටි කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නාමය මෙලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස්.බී.එස්. අභයකෝන් මහතා විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව මින් ඉදිරියට මෙම විද්‍යාලය කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය නමින් හැඳින්වීමටයි කටයුතු කරනු ලබන්නේ.
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ව්‍යූහ කමිටුව මගින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබූණා.
මේ සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල දෙමව්පියන් හා වෘත්තීය සමිති වෙතින් ඉදිරිපත් වූ යෝජනා සැලකිල්ලට ගෙන එම දෙපාර්තමෙන්තුව මගින් මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.
මෙම විද්‍යාලය 1939 එස්.ඩබ්ලිව්.ආර්.ඩි බණ්ඩාරනායක විදුහල නමින් ආරම්භ වී ඇති අතර විටින් විට හදුන්වා දෙනු ලැබූ විවිධ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමිව නත්තරම්පොත විද්‍යාලය, කුණ්ඩසාලේ මහා විද්‍යාලය වැනි නම්වලින් ද හදුන්වා තිබෙන බවයි පැවසෙන්නේ.
කලක් වැසි යාමේ තර්ජනයට ලක් වූ මෙම විදුහල ළඟ ම පාසල හොද ම පාසල ව්‍යාපෘතිය යටතේ 2012 වසරේ දී කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රාථමික විද්‍යාලය යන නමින් නව ගොඩනැගිල්ලක් ඉදිකොට සංවර්ධනය කරනු ලැබූවක්.