/
/
title icon පාර්ලිමේන්තු මැතිවරණ‍යේ වියදම් සඳහා සීමා පැනවෙයි
පාර්ලිමේන්තු මැතිවරණ‍යේ වියදම් සඳහා සීමා පැනවෙයි
Presila Sandaruwani
1 month ago
Share:
පාර්ලිමේන්තු මැතිවරණ‍යේ වියදම් සඳහා සීමා පැනවෙයි

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සියලු ම දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින් ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපත් කර තිබෙනවා.

එහි වැඩි ම අගයක් ගෙන ඇත්තේ කෙළඹ දිස්ත්‍රික්කය වන අතර එහි දි අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි උපරිමය රුපියල් 5,750,000 ක්.

කොළඹ දිස්ත්‍රික්කයේ ම දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් සඳහා වියදම් කළ හැකි උපරි ම මුදල් සීමාව වනුයේ 79,493,756 ක්.

මැතිවරණය අවසන් වූ පසු මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 21ක් ඇතුළත අදාළ වන පරිදි පක්ෂ ලේකම්ගේ, ස්වාධීන කණ්ඩායම් නායකයාගේ සහ අපේක්ෂකයාගේ අත්සන, දිවුරුම් කොමසාරිස්වරයා හෝ සාමදාන විනිශ්චයකාරවරයා විසින් සහතික කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දිය යුතු බවත් කොමිසම මගින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් ව තිබෙනවා.

e9b30276b99ae9a7298e6847bcc6f9b5.jpg
  • මැතිවරණ වියදම් වාර්තා අද සිට ප්‍රසිද්ධියට

    ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද මැතිවරණ වියදම් වාර්තා ඔක්තෝම්බර් 24 වන අද දින සිට ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටිනවා.

    මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා සිටියේ, සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක ම එම ආදායම් වියදම් වාර්තා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required