/
/
title icon පිළිකා මාරයාගේ ඊලග ඉලක්කය ඔබ ද?
පිළිකා මාරයාගේ ඊලග ඉලක්කය ඔබ ද?
Manjula Disanayaka
4 days ago
Share:
පිළිකා මාරයාගේ ඊලග ඉලක්කය ඔබ ද?

2024  වර්ෂය වන විට පිළිකා රෝගය ගෝලීය සෞඛ්‍යයට අභියෝගයක් එල්ල කරමින් අඛණ්ඩව ඉහළ යන බව දක්නට ලැබේ. මෙම තත්ත්වය විශේෂයෙන් තරුණ වැඩිහිටියන් අතර ඇතිවන බව හඳුනාගෙන ඇත.2024 අවසන් වන විට දී නව පිළිකා රෝගීන් මිලියන 20කට වඩා වැඩි ප්‍රමාණයක් හඳුනා ගනු ඇතැයි අපේක්ෂා කරනු ලබන අතර ලොව පුරා මිලියන දහයකට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් සදහා  පිළිකා රෝගය හේතු වී ඇත.

පිළිකා රෝගය යනු ලෝකයේ බොහෝ දෙනකු ඉතාමත් පීඩාවට පත්කරන රෝගී තත්ත්වයකි. පසුගිය වසර කිහිපය තුළදී වයස අවුරුදු 20 ,30 සහ 40 යන වයස් කාණ්ඩවල තරුණ පිරිස් අතර මෙම පිළිකා රෝගී තත්ත්වය උත්සන්න වී ඇත.ජාත්‍යන්තර පිළිකා පාලන සම්මේලනය පෙන්වා දී ඇත්තේ මෙම වයස අනුපාත එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ තවත් රටවල් විසි හතරක් තුළ අඛණ්ඩව ඉහළ ගොස් ඇති බවයි. ඇමරිකානු පිළිකා සංගමය සහ ලෝක සංවිධානය සමඟ පර්යේෂකයන් රටවල් 50ක  දත්ත විශ්ලේෂණය කර ඇත.එම සොයා ගැනීම්වලින් පෙනී යන්නේ වැඩිහිටි ජනගහනය අතර ඇතිවන පිළිකා අනුපාතය ස්ථාවර වී ඇති නමුත්  එම රටවල් 14ක තරුණ වැඩිහිටියන් අතර පිළිකා ඇතිවීමේ සම්භාවිතාව වැඩි වී ඇති බවයි.

1990 දශකයේ මුල් භාගයේදී 2019 දක්වා කාලය තුළ මුල් අවධියේ පිළිකා ඇතිවීමේ ගෝලීය සිදුවීම් 79% කින් ඉහළ ගොස් ඇති අතරත් තරුණ වැඩිහිටියන් අතර පිළිකා මරණවල 29% වැඩි වීමක් දක්නට ලැබේ.
ජිනීවාහි පිළිකා පාලන සම්මේලනය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේදී ඉදිරිපත් කරන ලද සොයා ගැනීම් තුළින් පෙන්වා දෙන්නේ තරුණ වැඩිහිටියන් අතර මහා බඩවැල් ,පියයුරු සහ අග්න්‍යාංශ පිළිකාවල වැඩි වර්ධනයක් ඇතිවන බවයි.

මුල් අවධියේදී පිළිකා ඇතිවීමේ වර්ධනය සඳහා හේතු වූයේ කුමක්ද යන්න විමර්ශනය කිරීමේදී පර්යේෂකයන් විශ්වාස  කරන්නේ ජීවන රටාවෙහි ඇතිවන  වෙනස්කම්  පාරිසරික බලපෑම් සහ ජානමය නැඹුරුතාවයන් බලපාන ලද බවයි.නමුත් දශක කීපයක් තුළ මෙම තත්වය  වෙනස්කම්  වී තිබේ.ඒ අනුව  ආහාර  ශාරීරික ක්‍රියාකාරකම් ,නින්දෙහි රටාවල වෙනස්වීම් සහ පාරිසරික දූෂණවලට නිරාවරණය වීම ඇතුළු ගෝලීය තත්ත්වයන්ය. වයස අවුරුදු 18ත් 40 අතර බර වැඩිවීම විවිධ පිළිකා වර්ග 18ක්  ඇතිවීමේ වැඩි අවධානමක් පවතින බව මෑතකාලීන අධ්‍යයනයකින් හෙළි විය ගෝලීය වශයෙන් තරබාරකමට  වැඩි  වීමත් සමඟ විශේෂයෙන් තරුණයන් අතර මෙම තත්ත්වය මතුවේ.

විශේෂයෙන් සීනි සහිත ආහාර  සහ සෞඛ්‍යට අහිතකර  ආහාර වැඩි වශෙයෙන් භාවිතය  තරුණ ජනගහනය තුළ පිළිකා වර්ධනය කිරීමේදී තීරණාත්මක තත්ත්වයක් මතු කරයි. පර්යේෂකයන් යෝජනා කරන්නේ සැකසූ ආහාර වල ඇති  සංයෝග ශරීරයේ මහා බඩවැල් දැවිල්ලට සහ DNA  වලට හානි කිරීමට හේතුවන බවයි. බොහෝවිට තරබාරුකම නිසා ඇතිවන පරිවෘත්තිය සින්ඩ්‍රෝමය මහා බඩවැල් සහ අග්න්‍යාශය තුල  පිළිකා ඇතිවීමට හේතු හේතුවේ. තරබාරුකම සමස්ත පිළිකා අවධානම වැඩි කරනවා පමණක් නොව වේදනාව වැඩි කිරීම සහ ශරීරයේ ප්‍රධාන හෝමෝන මාර්ග අක්‍රිය කිරීමෙන් පිළිකාවල ප්‍රගතිය තව තවත් වර්ධනය කිරීමට හේතුවක් වේ.මේ නිසාවෙන් බොහෝ වෛද්‍යවරුන් සහ පරීක්ෂකයන් අවධාරණය කරනු ලබන්නේ ශරීරය තුළ පිළිකා සෛල වර්ධනය කිරීම සඳහා හේතුවන හේතු සාධක දැනුවත් හෝ නොදැනුවත්ව වර්ධනය වීම නිසාවෙන් හැකිතාක් ක්ෂණික ආහාර සහ සැකසූ ආහාර වලින් ප්‍රවේශම් වීමෙන් සෞඛ්‍ය සම්පන්න නීරෝගී ශරීරයක් පවත්වාගෙන යාම සඳහා සුදුසු ආහාරපාන භාවිතයට ගන්නා ලෙසයි.එසේ නොවුනහොත් ඔබගේ කුසගින්න නිවන ආහාර ඔබගේ මරණය තීරණය කිරීමට හේතුවක් වනු ඇත.

මංජුලා දිසානායක .

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required