සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කර තෙවන සහ අවසන් පන්දුවාර විස්ස ක්රිකට් තරගය කඩුළු 09කින් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
දඹුල්ලේ පැවති මෙම තරග ජයත් සමග තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජය ගත්තේ ශ්රී ලංකාවයි.
ශ්රී ලංකාව ලැබූ මෙම තරගාවලි ජය සැලකෙන්නේ ශ්රී ලංකා - කොදෙව් පන්දුවාර විස්ස තරග ඉතිහාසයේ ඔවුන් කොදෙව්වන්ට එරෙහිව ලැබූ පළමු තරගාවලි ජය ලෙසයි.
දඹුල්ලේ අද පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 162ක් රැස්කිරීමට සමත් වුණා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී තරගයේ 18වැනි පන්දුවාරයේදී ජයග්රාහී ඉලක්කය පසුකර යෑම විශේෂත්වයක්.