
බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව සඳන් වන්නේ පසුගිය ජුලි සහ අගෝස්තු මාසවල දී බංග්ලාදේශයේ පැවති ශිෂ්‍ය විරෝධතා අතරතුර සිදු කළ බව කියන අපරාධ සම්බන්ධයෙන් ඇයට එරෙහිව එරට ප්‍රාදේශීය අධිකරණයක් මගින් වරෙන්තුව නිකුත් කර ඇති බවයි.
අවාමි ලීගයේ ප්‍රධාන ලේකම්වරයා මෙන් ම හසීනාගේ දේශපාලන පක්ෂයේ අනෙකුත් ඉහළ නායකයින් ඇතුළු පුද්ගලයින් 45 දෙනෙකුට ද වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් 18 වෙනිදා වන විට ෂීක් හසීනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි විනිසුරු මඩුල්ල නියෝග කර ඇත්තේ.