
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දඹුල්ලේ පැවැත්වෙන අවසන් සහ තීරණාත්මක විස්සයි විස්ස තරගය මේ වනවිට පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 162ක් ලබාගත්තා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 163ක ඉලක්කයක් හිමිවුණා.