/
/
title icon
අග්‍රාමාත්‍ය හරිනි හා විශ්වවිද්‍යාල සිසුන් අතර සාකච්ඡාවක්
අග්‍රාමාත්‍ය හරිනි හා විශ්වවිද්‍යාල සිසුන් අතර සාකච්ඡාවක්
Presila Sandaruwani
4 months ago
Share:
අග්‍රාමාත්‍ය හරිනි හා විශ්වවිද්‍යාල සිසුන් අතර සාකච්ඡාවක්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ශිෂ්‍ය සංගම් සමග විශ්වවිද්‍යාල සිසුන්ගේ පවතින ගැටලු සම්බන්ධයව සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහි දී විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ ශිෂ්‍ය සුබසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර විශ්වවිද්‍යාල සිසුන් මෙතෙක් මුහුණ දුන් නොවිසඳුණු ගැටලු රැසක් පිළිබඳව ද අවධානය යොමු කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසන්නේ.

ඊයේ දින පස්වරුවේ පැවති මෙම සාකච්ඡාව සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ ඒ යටතේ ඇති විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්, අධ්‍යාපන අයිතිය උදෙසා සිසු ජන බලය සහ ඒ යටතේ ඇති විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්, සියලු වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම් සහභාගි වී තිබෙනවා.

එමෙන් ම අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය, අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය, සාගර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය, ඉංජිනේරු තාක්ෂණ ආයතන ශිෂ්‍ය සංගමය, මොරටුව ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය ඇතුළු ශිෂ්‍ය සංගම් ගණනාවක නියෝජිතයින් සහභාගී වූ බව තව දුරටත් සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required